තරණය 2 - පිහිය සොයාගැනීම


කලකට ඉහත මම එළකිරියෙදි ලියපු කවියක් තමයි තරණය කියල කියන්නෙ. ඒක මම ලිවුවෙ මේ පවතින සමාජ ක්‍රමය ගැන කලකිරිල එයින් ගැලවිලා විමුක්තිය සොයා යන්න වෙහෙසෙන පුද්ගලයෙක් ගැන.ඒ පුද්ගලයා නාවිකයෙක් හැටියටයි ගත්තෙ. එහි නෞකාවට සමකලේ අපේ ජීවිත ගමන නැත්නම් සංසාර ගමන..ඔහුගේ අනිත් නාවුක සගයින් තමයි සමාජය.ගොඩබිම සොයාගැනීම තමයි විමුක්තිය හැටියට මම දැක්කෙ. කෙසේ උනත් ඒ පුදගලයාට උද්ගත උන ගැටලුව තමයි ගොඩබිම සොයා ගැනීම පිණිස යාමට තමන් නැවට හාව තිබූ බැදුම් වරපට කපාගැනීමට නොහැකි වීම. කවිය අවසන් වන්නේ ඔහු ඒ සදහා ලතැවෙද්දි. වරපට කපන්න පිහියක් සොයද්දි.

අපි කවිය කියවලා ඉමු..හුඟක් අය මේක කියවලා තිබ්බට කමක් නැහැ තව පාරක් කියවමු.ඕනෙනම් විනාඩියක් ගතවෙයි.


ඔතැනදී මගේ මිතුරෙක් මරු ප්‍රශ්නයක් ඇහුව. අතපය බැදලනම් කොහොමද වරපට කපන්නෙ කියල..හෙහ් හෙහ්..සෑහෙන දරුණු ප්‍රශ්නයක් උනා ඒක මට එවෙලෙ. මම හිතුවෙ පිහියක් අපිට නොපෙනෙන්න කොහේ හෝ තිබෙයි කියල. හරියට කවියේ එන පුද්ගලයා හිතුව වගේ. ඒත් අපි දෙන්නටම වැරදුනා එවෙලෙ. ඇත්තටම එහෙම පිහියක් නැහැ. අපි එහෙම එකක් බලාපොරොත්තුවෙන් හිටියට.

ඉතින් එතැනින් කවිය ඉවර නෑ කියල මම හිතුව. මේ ඉතිරියෙන් තවත් ටිකක් හෙවත් තරණය 2



තරණය 2

බැදුම් වරපට
බිදී ගිලිහෙන තුරු සපාකා
ජීවිතය විසිකොට දමාලා නැවු මතේ
පනිමි දියඹට

එදත් නොතිබුණ
අදත් නොතිබෙන
හෙටත් නොලැබෙන
අදිසි පිහියක්
සොය සොයා කල්මැරූ හැටි දැන
කදුලු නැංවේ දෙනෙත් බොදකොට

ඉදින් පිහිනමි මහා සමුදුර
නේක රැලි අවහිර කපාගෙන...
තවම නිම් නැති මහා ගමනකි
මගේ අබියස

නේක සියුමැලි දෙතොල් පෙති මත
ශ්වෙත පැහැගත් පයෝධර මත
දැවට ඉන්නට
පමණක්ම දත් දෙතොල් සැඟවූ
මා දසන් මිස අන් සරණ කිම
මේ බැදුම් වරපට බිදින්නට

නේක මසවුලු සපා කන විට
මලකුණක රස සිදෙන තෙක්
සුරතල් කරන විට
සිහිවුනිද මතු දිනක බැමි බිදලන්න පිහිටද
මෙයම වන වග...





8 comments:

malee_msg said...

මම මේක දැක්ක ගමන් කලේ මහගෙදරට දුවලා ගිහින් මේකත් ‍එක්ක ලියවෙච්ච සටහන් (තරණය1) කියවලා ආව එක....
අපරාදේ කියන්න බෑ නියමයි කවි දෙක නිකං මුළු බුද්ධ දේශනාවම කෙටි කරලා වගෙයි දැනෙන්නේ

haresh said...

හක් හක්! අවසානෙදි සැත තියෙන්නෙ තමන් සතුවමයි නේද බෝ. ඒක අපි වෙනත් දේවල් වලට සෑහෙන්න පාවිච්චි කරනව. ඒත් වෙලාවකට ඒකෙන් කරන්න පුළුවන් හොඳම වැඩේ අපට අමතක වෙනව. මම දන්න යාළුවෙක් ගාව තියෙනව ලස්සන lighter එකක්. එයා ඒක අපට පෙන්නනව විතරයි. පත්තු කරන්නෙ නෑ. ඒ‍ක දිහා බලල එයා වෙනත් සතුටක් ලබනව ඒකෙන් ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රයෝජනය අමතක කරල.

එහෙනම් කප්පිත්තෝ, පැන්න නේද මූදට... පීනමු එහෙනම්.

Boman said...

@malee - මතකයි මට තවමත් මාලිංග,ඔයා,peemy අපි කට්ටිය සෙට් වෙලා බොංචි හිටවපු හැටි(අපරාදෙ ඒ දවස් වල මිස්ට බෝංචි හිටියෙ නෑ)
ස්තූතියි නංගි.

@hare- හහ්හා මරු උදාහරනෙ ඒක. හිත කියන්නෙ හරි පුදුම දෙයක් හරේ..සමහර දේවල් කරන්න පුලුවන් බව අපි දැන දැනත් ඒවා අපිම අපිට හංග ගන්නව..සොෆීගෙ ලෝකෙ එන හාවගෙ ලොම් අස්සෙ හැංගෙන කතන්දරේ වගේ තමයි.

මූදට පැන්න පලියට එගොඩ වෙන එකනම් ලේසි නැහැ නේද හරේ..බලමු පීනල ගොඩ වෙයිද කියල.

haresh said...

@ බෝමන් - සොෆීව මතක් වුන එක නම් මරු අප්පා.. මම සෑහෙන්න දෙයක් ගත්ත ඒකෙන් එක වරක් කියවලත්. දෙවෙනි වර කියෙව්වොත් මම දැන් ඉන්නව වගේ දෙකක් වෙයි.. හරිම ලස්සන උදාහරණත් එක්ක මේ අපට හිතෙන දේවල් ගැන කියල තියෙනව නේද ඒකෙ.

ඔව් ඔව්.. ලේසි නෑ තමයි නේද? තෙරක් පේන තෙක් මානෙක නෑ. අපට තියෙන්නෙ ගොඩබිම තියෙන ඉසව්ව ගැන හැඟීමක් විතරයි... දැනට නම් අපට පුළුවන් අපට උදව් කරගන්න නේද?

malee_msg said...

අපෝ බෝංචියා නොහිටිය එකමයි කාරිය...ඒ කාලේ මලිංග අයියා හිටියා ඒකටත් හරියන්න මේකත් හිටියනම් අපිට බුදු සරණයි දෙවිපිහිටයි...! කනක් ඇහිලා ඉන්න නැති වෙයි... බුහාහාහාහාහාහාහාහාහාහා

Boman said...

@hare- ඔව් ඔව්..මමත් නැවත කියවිය යුතු පොත් ලයිස්තුවට දාල තියෙන්නේ ඒ පොත.

@malee- එහෙනම් අපි මෙළහට මොලේ නහරක් පුපුරල මැරිල. සුද්ද සිංහල සහ විශ්වීය අදහස්..හික් හික්..

malee_msg said...

අම්මියෝ ඔව් මලිංග අයියා ලියන ඒවා කියව ගන්නෙත් හෙන ගේමක් දීලා ඒ අස්සේ බෝංචි බණ කියන්න ගත්තා නම් .....
අනේ ඒ උනාට මලිංග අයියා දැන් නැහැනේ මොකෝ දන්නේ නැ

haresh said...

@ ඇම් - හිටිය නම් කෙලවෙලා තියෙයි. :P

මාලිංගව දකින්න මම එහෙ යන්නෙත් නෑ අප්පා.. ඔයාල යනවද?